රුවන්පුරයේ ඇඹිලිපිටිය කලාපයේ පනාමුර ග්රාමයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
වර්ෂ 1940 දෙසැම්බර් 20 වැනි දින මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එම්.ඒ. ජයසේන මහතාය. එතුමන් සමග ආර්.එම්. විලියම් මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.
පාසලේ මුල්ම ශිෂ්යයා ලෙස ඕ.එල්. විමලපාල සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්රේණියේ සිට 6 ශ්රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත.
දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්යතාවය දැනුණු අතර ප්රදේශයේ දානපතියෙකු වූ වයි.ජී. හින්නි අප්පුහාමි මුදලාලි මහතාගේ ධන පරිත්යාගයෙන් 1947 දී නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1948 ජනවාරි 15 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.
1955 ඔක්තෝබර් 15 දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ මුලින්ම පිහිටවූ මධ්ය මහා විද්යාල අතරට අප පාසලද එක්වීම සුවිශේෂත්වයකි. ඒ සමගම ග්රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. පාසලේ සිසුවෙකු මුල් වතාවට විශ්වවිද්යාල වරම් හිමි කරගැනීමට 1972 වසරේ සමත් වූ අතර ඉන් පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්යාල අධ්යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්යාව ද ඉහළ ගියේ ප්රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.
වර්ෂ 1990 න් පසු විද්යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්රීඩා පිටියක්, විද්යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.
වර්තමානයේ විද්යාලයේ අධ්යාපනික කටයුතු ද්විතීයික අංශය යටතේ ක්රියාත්මක වන අතර ටැබ් ව්යාපෘතිය,ඩි පී එඩියුකේෂන් ව්යාපෘතිය-ශ්රව්ය දෘෂ්ය ඒකකය,පරිගණක ඒකකය,නවෝත්පාදන ඒකකය, මාධ්ය ඒකකය, විද්යා ගණිත අංශය,වානිජ අංශය,කළා අංශය ඉංග්රීසි අංශය, ක්රීඩා අංශය, සෞන්දර්යය අංශය, පුස්තකාලය, භාෂා විද්යාගාරය යන ඒකක යටතේ සක්රීය අයුරින් පවත්වාගෙන යයි.
|
ආරම්භ කළ වර්ෂය |
1957 ජුනි 20 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්ය සංඛ්යාව |
50 |
|
මුල් ගුරුතුමාගේ නම |
වංශරත්න ප්රේමකුමාර |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර /ඇඹි/පනාමුර මහා විද්යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1958.11.01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
එවකට පනාමුර වෙළදපොළ |
|
ප්රථම ශිෂ්යයාගේ නම |
- |
|
ප්රථම ශිෂ්යයාවගේ නම |
- |
|
ප්රථම ශීෂ්යයා භාරගත් වකවානුව |
1957 ජුනි 20 |