පාසල් ගීතය
සිරිබර පින්බර සපිරි පනාමුර
මහ විදුහල් මතා
ජයදද බා කිතුගොස නන්වා
දනමන පුබුදු කලා
බැතියෙන් ඔබ පුදමු
බැතියෙන් ඔබ රකිමු
ඔබ සෙවනේ සිප්සත ලබමූ
යහ ගුන දම් වඩමු
ගනිත මිනිත නෙක ශිල්ප කලා
දෑ අභිමානය පුබුදු කලා
දෙස බස රැස දිරියෙන් වඩමු
හෙලවිරුවන් පුදමු
විදුමව් පහසින් සිරි වඩමු
රට දැය පන නල මෙන් රකිමු
සිරිබර පින්බර සපිරි පනාමුර
මහ විදුහල් මතා..//