විදුහල්පති පණිවිඩය
ර/ඇඹි/පනාමුර මහාවිද්‍යාලය

සබරගමු පළාතේ මිණිපුරයට අයත් අප පාසල ඓතිහාසික පනාමුර පුරවරයේ ජනප්‍රිය පාසලකි. වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන් ,පරිපාලන නිලධාරීන් පමණක් නොව යහපත් දූ පුතුන් රැසක් මේ වන විට සමාජයට දායාද කොට ඇත.
වර්තමානය වන විට ජාතික පාසලක් දක්වා ඉදිරියට පැමිණ ඇති අතර දිනෙන් දින දියුණුවට පත් වන පාසලක් වීම ගැන විදුහල්පතිනිය ලෙස මම අභිමානයට පත් වෙමි.
ගෝලීයකරණය හමුවේ ලොව විශ්ව ගම්මානයක් වූ මොහොතක එහි කොටස්කරුවෙකු ලෙස ශ්‍රි ලංකාව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ ඉදිරියට ගොස් ඇත . ඒ සඳහා පාසල් මගින් ලබා දෙන්නේ ද මහඟු මෙහෙවරකි ඒ අනුව තොරතුරු තාක්ෂණ අංශයේ දස්කම් දක්වන දරුවන් රැසක් සිටින අප පාසලෙන් ද මෙම වෙබ් අඩවිය හරහා කටයුතු කරන අතර ඒ මගින් ප්‍රදේශයේ දූ පුතුන් මෙන් ම අනෙක් සියලු ක්‌ෂේත්‍රයට ප්‍රයෝජනවත් වනු ඇතැයි මම අපේක්ෂා කරමි. මේ සම්බන්ධව කටයුතු කරන සියලු දෙනාට මාගේ සුබාශිංසනය පිරිනමන අතර මෙම කටයුතු තව තවත් දියුණු වේවායි ප්‍රාර්ථනා කරමි
විදුහල්පති,
පනාමුර මහා විද්‍යාලය